
රට පුරා පිහිටි සියලූම දේවස්ථානවල ලබන ඉරිදා (5) පැවැත්වීමට සැලසුම් කළ සියලූම දේව මෙහෙයන් සහ අනෙකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම් දෙනතුරු නවත්වා දැමීමට තීරණය කළ බවත් සියලූම කතෝලික පුද්ගලික පාසල් ද නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙසත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණෝ ඉල්ලා සිටිති.
කාදිනල්තුමා මෙම විශේෂ ඉල්ලීම කර ඇත්තේ එතුමා විසින් දේවස්ථාන වෙත නිකුත් කළ ලිපියකිනි. එහි මෙසේ ද සඳහන් වේ.
අති විශ්වාසනීයව ලැබුණු විදේශීය ආරංචි මාර්ගයකට අනුව සුප්‍රසිද්ධ දෙව් මැඳුරකට සහ ගිහි අපෝස්තලික සේවා ආයතනයකට පහරදීමට මේ සති අග මාන බලන බවට අපට තොරතුරු ලැබී ඇත. එම නිසා ඔබගේ යහපත වෙනුවෙන් මෙම ස්ථාන දැනට වසා දැමීමට අප තීරණය කළෙමු.
කෙසේ වෙතත් සියලූම දෙව් මැඳුරුවල ලබන ඉරිදා පවත්වන්නට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනෙකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම් දෙනතුරු නවත්වා දැමීමට තීරණය කළෙමු.
මෙම හේතු මත පදනම්ව ලබන සතියේ ද සියලූම කතෝලික පුද්ගලික පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන දෙස ඉල්ලා සිටිමු’’