
ශ්රී ලංකා ක්රිකට් A කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ප්රවීන ක්රිකට් ක්රීඩකයෙකු වූ රෝයි ඩයස් මහතා ද කණ්ඩායමේ කළමනාකරු වශයෙන් ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් වන චමින්ද මෙන්ඩිස් මහතා ද පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ශ්රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරය වෙනුවෙන් මෙම පත් කිරීම කර තිබේ.
මේ සමග තවත් පත් වීම් දෙකක් කිරීමට ද ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ ශ්රී ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු යන පත්වීම් ද්විත්වයයි. මෙම කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරය වෙනුවෙනි. එහිදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා ද ද, කළමණාකරු ලෙස ජාතික තේරීම් කමිටු සාමාජික හේමන්ත වික්රමරත්න මහතා ද පත් කර තිබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියයි.
සටහන – කසුන් ප්රබෝධ සමරවීර