
ඉන්දීය පි‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය සමව දිනා ගැනීමට (මැයි 01 දා රාත්‍රි 07.00 වන විට) දිල්ලි සහ වෙන්නායි කණ්ඩායම් සමත් ව තිබෙනවා. ඒ තරග 8/4ක් ලෙස ප්‍රසාද ලකුණු 16ක් දිනා ගනිමිනුයි.

තරග 7/5ක් වශයෙන් ප්‍රසාද ලකුණු 14ක් දිනා ගෙන සිටි මුම්බායි කණ්ඩායම තෙවැනි ස්ථානයේ ද, හයිද්‍රාබාද් කණ්ඩායම තරග 6/6ක් වශයෙන් දිනාගෙන ප්‍රසාද ලකුණු 12ක් දිනා ගෙන සිවුවන ස්ථානයේ ද පසු වෙනවා.
රාජස්ථාන් කණ්ඩායම පස්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 11ක් දිනා ගෙනයි. එහිදී රාජස්ථාන් කණ්ඩායමම 5/7ක් ලෙස තරග ජයග්‍රහණය කර තිබෙනවා. හය වන සහ හත්වන ස්ථානවල කොල්කටා සහ පන්ජාබ් කණ්ඩායම් පසුවන්නේ තරග 5/7ක් ලෙස ප්‍රසාද ලකුණු 10ක් දිනා ගෙනයි.
ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය නිත්‍ය නායක චිරාත් කෝලි විසින් නායකත්වය චෙන බැංගලෝර් කණ්ඩායමයි. ඔවුන් දිනා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08ක් වන අතර තරග 4/8ක් ලෙස ඔවුන් දැඩි අසාර්ථකත්වයක් වාර්තා කරනවා.
සටහන – කසුන් ප්‍රබෝධ සමරවීර