අගමැති හා කොළඹ දිස්ත‍්‍රික් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් අතර විශේෂ හමුවක්

රට තුළ ජිහාඞ් ත‍්‍රස්තවාදය අතුගා දමන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළා.

අගමැතිවරයා සහ මේ බව ප‍්‍රකාශ කළේ 02 දා කොළඹ දිස්ත‍්‍රික්කයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ආරක්ෂක අංශ, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, විශ්වවිද්‍යාල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි මේ සාකච්ඡුාව කැඳවා තිබුණේ.

මෙහිදී අගමැතිවරයා, රාජ්‍ය අංශය සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලූ පියවර ගෙන ඇතැයි ද සඳහන් කළ අගමැතිවරයා ආරක්ෂක කටයුතු හා සෝදිසි කිරීම් නිසි පරිදි ක‍්‍රියාත්මක වන බව ද සඳහන් කළා.

මෙහිදී අගමැතිවරයා කියා සිටියේ ලබන සඳුදා රජයේ පාසල් යළි විවෘත කරන බැවින් පොලිස් ආරක්ෂාව ඒ සඳහා උපරිම ලෙස ලබා දෙන බවට පොලිසිය පොරොන්දු වී ඇති බවයි.

ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පැහැදිලි කළ අගමැතිවරයා කියා සිටියේ සති අන්තයේ පැවැත්වෙන සියලූම ආගමික වැඩසටහන්වලට උපරිම පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි. මෙහිදී පොලිසිය ක‍්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළවල් සමග සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටියා.

පාස්කු ඉරිදා ප‍්‍රාහරවලින් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම ගැන සඳහන් කළ අගමැතිවරයා එම කටයුතු කඩිනම් කරන මෙන් ආදාළ අංශවලින් ඉල්ලීමක් කළා.

මේ අවස්ථාවේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් ප‍්‍රකාශ කළේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් තමන් සතුව නොමැති බවයි. එහිදී කුලී පදනමින් ආරක්ෂක සේවා ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

Recommended For You

About the Author: Editor