
උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා ආරක්ෂාව තර කරන මෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී මාවෛයි සේනාධිරාජා මහතා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
කිළිනොච්චියේ පැවැති දමිළ ජාතික සන්ධානයේ මැයි දින රැුළියේදී මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්රීවරයා ප්රකාශ කළේ මීට පෙර යුද හමුදාව උතුරු – නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානයට අද හමුදා ආරක්ෂාව දැඩි කරන ලෙස ඉල්ලා සිටීමට සිදුව ඇති බවයි.
මේ අවස්ථාවේ ජාතික ආරක්ෂාවට ප්රමුඛතාවය දිය යුතු නිසාත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු නිසාත් මෙම ඉල්ලීම කරන බව මාවෛයි සේනාධිරාජා මන්ත්රීවරයා ප්රකාශ කළා.