එංගලන්තය බලා යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඇමැති ආරක්ෂාව

ලෝක කුසලානය සඳහා එංගලන්තය බලා පිටත්ව යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඇමැති ආරක්ෂක අංශයේ ඒ.එස්.පී වරයෙකු ද ඇතුළත් නිලධාරීන් තිදෙනකුගේ ආරක්ෂාව ලැබෙන බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව ඇතුළු කරුණු ගැන මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ක‍්‍රීඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

‘‘ලෝක කුසලානයට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විට දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ තම පුහුණු වීම් කරනවා. මේ යන්නේ තුන් වැනි දවස. අපේ කණ්ඩායම ලබන 7 වැනිදා උදෑසන එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. ඔවුන් ශ‍්‍රී ලංකාවෙන් පිටත් වන මොහොතේ සිට ඇමැති ආරක්ෂක අංශයේ ඒ.එස්.පී වරයෙකු ප‍්‍රමුඛ නිලධාරීන් තිදෙනකුගේ ආරක්ෂාව ලැබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අපේ අනන්‍යතාව රකිනවා. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම අපේ වගකීමක්. ඒ නිසා පොඞ්ඩක් ඉක්මනින් ඔවුන් එංගලන්තයට ගිහින් එහේ දේශගුණයට හුරුවෙලා ක‍්‍රීඩා කරන්න තමයි හිතා ගෙන ඉන්නේ ’’ ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor