
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර මහතා විසින් එම ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර එහි උප සභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය බී.වී. ගුණවර්ධන, උප සභාපති (සැලසුම්) ආචාර්ය පී.ඒ. පියසිරි යන මහත්වරුන් සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂමේ සභාපති මහාචාර්ය දයන්ත විජේසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.