ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය යළි එළිදකී

ත‍්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ යළි එලිදැක්වීමේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ රාජගිරිය කොටුවේගොඩ, ගැමුණු මාවතේ අංක 290/13ඒ (බුත්ගමුව පාර) පිහිටි ජාතික කි‍්‍රයාකාරී මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

එහි කැඳවුම්කාර මණ්ඩලය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ලෙස හිටපු බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, කමිටු සාමාජිකයින් ලෙස සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත, ඊ.පී.ඞී.පී.සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක නෙල්සන් එදිරිසිංහ, ව්‍යාපාරික උදය අබේසේකර, විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් වන කර්නල් විපුල ජයකොඩි, නීතිඥ රජික කොඩිතුවක්කු, යොවුන් පාර්ලිමේන්තුවරයෙක් ලෙස කටයුතු කරන නිරාෂාම් විතානගේ, සමාජ මාධ්‍ය ජාතික කි‍්‍රයාකාරිකයෙකු වන ජානක නාමල් යන අය මෙම මාධ්‍ය හමුවට එක්විය.

”ඉස්ලාම් අන්තවාදයට මුහුණදීම සඳහායි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්නේ” – නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ

මෙහිදී අදහස් දැක් වූ එහි කැඳවුම්කරු නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා,

” අපි ත‍්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය 1998 කොළඹ නගරයේ සිදු වුනු LTTE බෝම්බ පිපිරවීම් මාලාවකට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම සඳහා ගොඩනැගුවේග එදත් LTTE ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ කියලා මතවාදයක් ගොඩනගලා තිබුණා. සාකච්ඡාවෙන් සම්මුතියෙන් බලය බෙදීමෙන් දේශපාලන විස‍ඳුමකින් ප්‍රශ්නය විසඳන්න ඔනේ කියලයි ප්‍රධාන පක්ෂ දෙකම කිව්වේ. එයට විරුද්ධවයි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පෙනී සිටියේ. LTTE ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. පරාජය කළ හැකියි කියලා ජනතාව තුළ මතවාදයක් ගොඩනගලා විශ්වාසයක් හා අධිෂ්ඨානයක් ඇති කලා. එහි ප්‍රමුඛ කාර්යයක් චම්පික රණවක ඇමතිතුමා එකල ඉටුකළා. තව විශාල පිරිසක් ඊට දායකත්වය දැක්වූවා. රටත් ජනතාවත් අවදි කළා. ත්‍රස්තවිරෝධී ජාතික සැළැස්ම එළි දක්වලා ජාතියම එයට පෙළගැස්වූවා. දේශපාලන බලවේග එයට අනුකූලව හැසිරෙව්වා.

කොළඹ නගරය තුළ කොටින්ගේ බෝම්බපිපිරවීම්වලට එරෙහිව පෙළපාලි උද්ඝෝෂණ විරෝධතා සියගණනක් පැවත්වූවා. දැනුවත් කිරීම් ජනහමු දහස් ගණනක් පැවැත්වූව. එලෙසයි කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ජනමතය පෙළගැස්වූයේ. ඒ අනුව එදා දේශපාලන නායකත්වය හා ආරක්ෂක අංශවල කැපවීමෙන් 2009 මැයි 19 වන දා LTTE ත්‍රස්තවාදවය සහමුලින් පරාජය කරන්න පුළුවන් වුනේ. එයින් බෙදුම්වාදය පරාජය කරලා රටේ ඒකීයභාවය රැකගෙන සාමය ඇතිකරන්න පුළුවන් වුනේ. 2009 මැයි 19 වන දා LTTE ත්‍රස්තවාදය සහමුලින් පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය සටනක සටහන් නමින් කෘතියක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා එම සංවිධානය විසුරුවා හැරියා.

වසර 10ක් පැවති සාමාකාමී පරිසරය විනාශ කරමින් පසුගිය 21වන පාස්කු ඉරිදා උම්මත්තක ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මුළු මහත් ශ්‍රී ලාංකීක සමාජයම සලිත වුනා. ත්‍රාසයට හා භීතියට පත්ව අන්දුන්කුන්දුන් වුනා. පැය 48ක් යනකම් රාජ්‍ය යාන්ත්‍රණය, ආරක්ෂක යාන්ත්‍රණ, දේශපාලන යාන්ත්‍රණය කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව වික්ෂිප්තව සිටියා. මේ වඅස්ථාවේ දී ජනතාවගේ පැත්තෙන් සහ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ හිටපු පැරණි ක්‍රියාකාරකයින් සගයින් සියලු දෙනා ඉල්ලා සිටියේ, ”මෙයට මුහුණ දෙන්න ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය නැවත පැනගැන්විය යුතු බවත්, ඒ සඳහා එකතුවීමට සුදානම්” බවත් ය. ඒ වෙනුවෙනුයි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය නැවත එලිදක්වන්නේ. නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්නේ. විවිධ දේශපාලන මතිමතාන්තරවල සිටියත් ඒ අත්දැකීම් තිබෙන අධිෂ්ඨානය තිබෙන සියලු දෙනාට අපි ආරාධනා කරනවා ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සමග නැවත අත්වැල් බැඳගන්න කියලා.

”LTTE ත්‍රස්තවාදයට වඩා හාත්පසින්ම වෙනස් උම්මත්තක ආගමික ත්‍රස්තවාදයකටයි අපිට මුහුණ දෙන්න තියෙන්නේ. එය එන්නේ ඉස්ලාමීය දහම තුළින් හා ඉස්ලාමීය සමාජය තුළින්”

LTTE ත්‍රස්තවාදයට වඩා හාත්පසින්ම වෙනස් උම්මත්තක ආගමික ත්‍රස්තවාදයකටයි අපිට මුහුණ දෙන්න තියෙන්නේ. එය එන්නේ ඉස්ලාමීය දහම තුළින් හා ඉස්ලාමීය සමාජය තුළින්.මේ අන්තවාදය පැතිරීමේ තර්කානුකූල අවසානයට තමයි පසුගිය 21වනදා අපි මුහුණ දුන්නේ.මෙය පරාජය කිරීමට දාර්ශනික තලයේ මතවාදී තලයේත් සමාජ ආගමික සංස්කෘතික තලයේත් ආරක්ෂක හා බුද්ධි තොරතුරු හා සයිබර් තාක්ෂණය යන කේෂ්ත්‍රවල වැඩකළ යුතුයි. අන්න ඒ අරමුණටයි ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය අද එළිදක්වන්නේ. මේ උම්මත්තක ඉස්ලාමීය ත්‍රස්තවාදය හා අන්තවාදය කෙටි කලකින් පරාජය කරන්න බැහැ. කෙටි කාලීන හා දිගුකාලීන සැළසුමකින් අධිෂ්ඨානයකින් නොසැළී කටයුතු කරගෙන යන්න ඕන. එයිනුයි මේ අන්තවාදීන් ඉක්මනින් දෙවියන් වහන්සේ ළඟට යන්න හා ස්වර්ගයට යවන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා පක්ෂ පාඨ ජාති ආගම් භේදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් සියලු දෙනාට අපි ආරාධනා කරනවා එකතු වෙන්න කියලා.

අපේ දේශපාලන යාන්ත්‍රණයේත්, ආරක්ෂක යාන්ත්‍රණයේත්, රාජ්‍ය යාන්ත්‍රණයේත් බරපතල අඩුපාඩු තිබෙන බව පැහැදිලිව පෙනී ගියා. දැන් අපි එකිනෙකාට චෝදනා කරගන්නේ නැතිව පළල් ජාතික අරමුණකට එක්සත්ව පෙළ ගැහෙන්න ඔනේ. ඒ සඳහා පළමුව ත්‍රස්තවාදය හා අන්තවාදය වැඩෙන උල්පත් වහන්න ඕනේ. ඒ පරිසරය වෙනස් කරන්න ඕනේග ඒ සඳහා අපි වැඩපිලිවෙලක් අපි නුදුරේදීම යෝජනා කරනවා.

”මේ උමතු ආගමික ත්‍රස්තවාදය පරාජය කරන්න පෙරට එන්න ඔනේ ”- සාහිත්‍යවේ දී සුජිත් අක්කරවත්ත

මෙහිදී අදහස් දැක්වු සාහිත්‍යවේ දී සුජිත් අක්කරවත්ත මහතා,

”සාහිත්‍ය කලාව කරගෙන යන්න නම් අපිට මරබිය නැතිවෙන්න ඕනේ.දැන් මරබිය නැවත ඇවිල්ලා.අවිනිශ්චිතභාවයක් ගොඩනැගිලා. ලියන්න, කතාකරන්න, රැස්වෙන්න, සාමකාමී ජීවිතයක් ගෙවන්න රට තුළ සාමාජයීය ආරක්ෂාව තියෙන්න ඕනේ. රටේ ආරක්ෂාව තියෙන්න ඕනේ. දැන් ඒ අභියෝගයට ලක්වෙලා. මේ ජාතික අභියෝගය අපි බාරගන්න ඕනේ. එක එක මතිමතාන්තර, විචාර ිශ්ලේෂනවල කොටුවෙලා ඉඳලා හරියන්නේ නැහැ. මේ උමතු ආගමික ත්‍රස්තවාදය පරාජය කරන්න පෙරට එන්න ඔනේ. මේ ආගමික අන්තවාදය පිළිබඳව මම මුලින්ම ශ්‍රාස්ත්‍රීය කෘතියක් පළකලා අඩසඳ කළුවර කියලාග එය ඒ කාලේ මහත් ආන්දෝලනයකට ලක් වුනා. එදා මම කියපු දේ යථාර්තයක් වෙලා මුස්ලිම් තරුණයන් ඒ අමුතුවෙන් පුපුරවා ගන්න පටන් ගෙන.දැන් මේකට අපි වාද විවාද කරලා වැඩක් නැහැ. මේක ආගමික උම්මත්තකභාවය තුළ ආත්මය විනාශ කරගැනීමේ ක්‍රියාදාමයක්. මුස්ලිම් විරෝධි කෝලහාලයකට ඉඩනොතබා කාදිනල්තුමා පෙන්වූ ඉවසිලිවන්තභාවය හා දයාව මෛත්‍රීය අපේ පදනම කරගනිමින් මේ මනුෂ්‍යත්වය වෙනුවෙන් මෙය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරවශයෙන්ම අතුගා දැමීමට අපි කැපවිය යුතු. ඒ සඳහා අපේ සියලු හැකියාවන් කුලසතාවයන් යෙදවිය යුතුයි. මෙය මානව සමාජයේ පැවැත්ම අනතුරකට හෙළන අතිශය විනාශකාරී උම්මන්තක අන්තවාදයක් ත්‍රස්තවාදයක්. ඔවුන් කියන්නේ අල්ලා දෙවියන් ලෝකය මවා ඇත්තේ මුස්ලිම්වරුන්ට පමණයි කියා. එසේ නම් මුස්ලිම් නොවන අනෙක් ආගම් ජාතීන් සංස්කීතින් හා මානව ප්‍රජාවන් මොකද වෙන්නේ. ඒ සියලු දෙනා මේ උමතු අන්තවාදය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව එකතුවිය යුතුය. සාහිත්‍යකරුවාගේත් කලාකරුවාගේත් කාර්යභාරය එය විය යුතු කියලයි මම හිතන්නේ”

”ගෝලීය ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ගොඩනැගි ඇති ජාත්‍යන්තර සංධානයට අප එකතුවිය යුතුයි” නෙල්සන් එදිරිසිංහ

මෙහිදී අදහස් දැක්වු නෙල්සන් එදිරිසිංහ මහතා,

තමන් ත්‍රස්තවාදයන් තුනකට මුහුණු දී ඇති බවත් ඒ තුලින් ලැබු අත්දැකීම් ඔස්සේ මෙම ත්‍රස්තවාදය පරාජය කිරීමට ද කිතුනුවෙක් ලෙස දිවිහිමියෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළ එදිරිසිංහ මහතා 80 දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බටකා ඇති බවත් 87-88-89 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වයෙන් බැටකෑ ඇති බවත් ඒ සියල්ලට වඩා LTTE ත්‍රස්තවාදයෙන් බැටකෑ EPDP සංවිධානයේ ප්‍රධානියෙක් ලෙසත් ලැබූ ඒ අත්දැකීම් තුලින් මෙම උමතු ආගමික අන්තවාදය ත්‍රස්තවාදය පරාජය කිරීමට මනුෂත්වයේ නාමයෙන් ජීවිතයේ ඉදිරි කාලයද කැපකරන බව ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය ත්‍රස්තවාදයට මුහුණ දීමේ දී ඊශ්‍රාල් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ වැදගත්කමත් ඔවුන්ගේ බුද්ධිසේවා සමග වැඩකිරීමේ වැදගත්කමත් අවධාරණය කළ නෙල්සන් මහතා ගෝලීය ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ගොඩනැගි ඇති ජාත්‍යන්තර සංධානයට අප එකතුවිය යුතු බවත් යල්පැනගිය වමාංශික මතවාදවලින් හා ඊනීයා අධිරාජ්‍ය විරෝධී අදහස් වලින් මෙය ජයගත නොහැකි බවද ප්‍රකාශ කල අතර උතුරු හා නැගෙනහිර පලාත් වල දෙමළ හා සිංහල ජනයා මේ මොහොතේ භීතියට පත්ව සිටින බවත් මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල කොටු වී සිටින දෙමළ හා සිංහල ගම්මානවල ජනතාව බියට පත්ව සිටින බවද ඒ පිළිබඳව රජයේත්ල ආරක්ෂක අංශවලත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි අතර දෙමළ දේශපාලන සංවිධාන වලින් ඔහු ඉල්ලා සිටියේ මෙම අනතුරට එරෙහිව එක්සත් පෙරමුණකට එක්වන ලෙසයි.

එක රටක් එක නීතියක් තුළින් මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි – ව්‍යාපාරික උදය අබේසේකර

මෙහිදී ව්‍යාපාරික උදය අබේසේකර මහතා – අදහස් දක්වමින් කියා සිටියේ එක රටක් එක නීතියක් තුළින් මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති වී තිබෙන දූෂණය පිටුදැක වගකීම් සහගත රාජ්‍ය යාන්ත්‍රණයක් ආරක්ෂක යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවත් ලීක්වාන් යු සිංගප්පූරුවේ කළේ එය බවත් කොරියාව දියුණු වුනේ ඒ මග ඔස්සේ බවත් එහිදී රටක ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කාරණය බව එය තහවුරු කිරීමේ වගකීම රාජ්‍ය නායකයාගේ හා ආරක්ෂක අංශ වල වගකීම බවයි.

වසර 10කට වැඩි කාලයක් වෙළඳ හා කාර්මාන්ත අමාත්‍යංශය අන්තවාදී දේශපාලනය නියෝජනය කරන ඇමතිවරයෙක් යටතේ තැබීම කෙතරම් මෝඩකමක්දැයි විමසා සිටි උදය අබේසේකර මහතා රටක ආර්ථිකයේ කොඳු නාරටිය වෙළඳ හා කාර්මාන්ත අමාත්‍යංශය බවත් එයට අදාළ ආයතන 37ක් සමගින් එකම ඇමතිවරයෙක් යටතේ තැබීම තුළින් ආණ්ඩුවේ ඇති අදූරදර්ශීභාවය මොනවට පෙන්නන බවත් මෙම ඇමතිවරායාගේ පක්ෂග්‍රාහීත්වය අමාත්‍යංශයේ සම්පත් මේ සඳහා යෙදවී තිබෙන බවත් බැලූ බැල්මට පෙනෙන බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පුදුමය දනවන්නක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

”අපගේ පොලීසියේ හැකියාව අවතක්සේරු නොකළ යුතුයි” කර්නල් විපුල ජයකොඩි

මෙහිදී කර්නල් විපුල ජයකොඩි මහතා, කියා සිටියේ මෙ ඉස්ලාමීය ත්‍රස්තවාදයට මුහුණදීමට අපේ ආරක්ෂක අංශවලට හැකියාවක් ඇති බවත් ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානය රාජ්‍ය නායකත්වය සහ ආණ්ඩුව පෙන්විය යුතු බවයි. මෙම ඉස්ලාමීය අන්තවාදයත්ල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඡාවාරම සමග පැහිදිලි සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ දෙක එකිනෙක වෙත යැපෙන බවද ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි අංශ සමග කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කල ඔහු අපගේ පොලීසියේ හැකියාව අවතක්සේරු නොකළ යුතු බවද කියා සිටියේ.

”මුස්ලිම් පල්ලි වල මේතරම් කඩු කිනිසි හා ප්‍රාථමික ආයුධ රැස් කළේ කුමන කාර්යයකටදැයි මුස්ලිම් ආගමික හා දේශපාලන නායකත්වය රටට ප්‍රකාශ කළ යුතුයි” – නීතිඥ රජිත කොඩිතුවක්කු

නීතිඥ රජිත කොඩිතුවක්කු කියා සිටියේ බුර්කාව තහනම් කිරීමට තීරණය කළද එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය හා බලාත්මක වන ආකාරය අපැහැදිලි බවයි. මේ දක්වා ආරක්ෂක අංශවලට රාජ්‍ය පරිපාලනයට හා පොදු සමාජයට මේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් ලැබී නැති බවත් කවරෙක් හෝ බුර්කාව පැළඳ පැමිණිය හොත් කළයුතු දේ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කර නැති බවත් බුර්කාව ඉවත් කිරීම හෝ ඒ ඇතුලේ සිටින්නේ කවුදැයි සොයාබලන්න ජනතාව මැදිහත් වුවහොත් සමාජය තුළ ආතතියක් හා ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවින් වහාම රජය මේ සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ප්‍රකාශ කළ සිටි අතර මුස්ලිම් පල්ලි වල මේතරම් කඩු කිනිසි හා ප්‍රාථමික ආයුධ රැස් කළේ කුමන කාර්යයකටදැයි මුස්ලිම් ආගමික හා දේශපාලන නායකත්වය රටට ප්‍රකාශ කළ යුතු බවත් රටේ පොදු මහත් බෞද්ධ ජනතාව තුළ සාධාරණ බියක් නිර්මාණය වෙමින් ඇති බවද එම බිය තුරන් කිරීමට කටයුතු කිරීම රජයේ වගකීම බවද ප්‍රකාශ කළේය.

”මුස්ලිම් සමාජය අරාබිකරණයෙන් මුදවාගෙන ශ්‍රී ලාංකීක සංස්කෘතියට අනුගත කරගත යුතුයි” – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

මෙහිදී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙම අන්තවාදයට හා ත්‍රස්තවාදයට අනුබල දුන් මුස්ලිම් දේශපාලඥයින් සිටී නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, මද්‍රාරාසා පාසල් අධීක්ෂණයට ලක්කළ යුතු බවත් කාත්තන්කුඩියේ ෂරියා විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පාලනයට යටත් කළ යුතු බවද ඉස්ලාම් ආගම දේශනා කිරිම සඳහා රටතුළට පැමිණ සිටින විදේශීය ඉස්ලාමීය ගුරුවරුන් රටින් පිටමං කළ යුතු බවත් මුස්ලිම් සමාජය අරාබිකරණයෙන් මුදවාගෙන ශ්‍රී ලාංකීක සංස්කෘතියට අනුගත කරගත යුතු බව මෙම අන්තවාදයට හසු වී ඇති මුස්ලිම් තරුණ තරුණියන් නිර් රැඩිකල්කරණය කිරීම සඳහා මනෝ චිකිත්සක වැඩපිළිවෙලක් මුස්ලිම් ආගමික නායකයින්ගේ හා වියතුන්ගේ සහය වහාම ක්‍රියාවට නැංවිය යුතු බවද මෙහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Recommended For You

About the Author: Editor