
දේශීය ගොවීන්ට විදේශීය උසස් තාක්ෂණික දැනුම හා යටිතල පහසුකම් ලබාදෙමින් දේශීය මෙන්ම විදේශීය වෙළදපල හඳුන්වාදීම තුළින් දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම උදෙසා ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 58.65ක ණය ආධාර මුදලක් වෙන් කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
මේ යටතේ පොලොන්නරුව, මාතලේ, මඩකලපුව, මොණරාගල, යාපනය, මුලතිව්, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 7 ක ගොවීන් 1758ක් තෝරාගෙන ඇත.
විදේශීය රටවල් 38ක් සඳහා අපනයනය කරනු ලබන පදම් කළ පිපික්ඤා සඳහා මඩකලපුව වාකරේ ගොවීන් 500ක් යොමුව ඇති අතර, මේ වෙනුවෙන් විදේශීය වෙළදපලෙහි ඉතා හොඳ ඉල්ලුමක් පවතින බව ගොවීහු පවසති..
වැල්දොඩම්,අන්නාසි, මිරිස්, පේර, පැපොල්, මුරුංගා, රටකජු හා අඹ ආදර්ශන ව්‍යාපෘති සඳහා මේවන විට ගොවීන් රැසක් යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.