ලංකාවට ‘ෆොනී’ ගේ බලපෑම ක්‍රමයෙන් දුර්වල වෙයි


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 මැයි මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන දින පෙ.ව. 02.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.1140 පමණ දුරින් ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ. මේ නිසා මෙම පද්ධතියෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

දිවයින හරහා විශේෂයෙන් උතුරුඋතුරුමැද, වයඹ,ඌව සහදකුණුපළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.50 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

සබරගමුවමධ්‍යමදකුණුබස්නාහිර,ඌව සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්දඇති විය හැක.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 පමණ වේ.සුළගේ වේගයවිටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50-60 දක්වා වන සුළං බලාපොරොත්තු වන අතර විටින් විට හමන පැ.කි.මී 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

සුළි කුණාටු පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයපැ.කි.මී 150-160 දක්වා වන අතර විටින් විට පැ.කි.මී 200 දක්වා වැඩි විය හැක.

මැයි මස 03 වන දින සිට 04වන දින දක්වා මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වනවෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්.2.5-3.5ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor