සෑම රජයේ පාසලකට ම ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක්

රජයේ පාසල් ආරම්භ වූ පසු අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙක් හෝ එහි ආරක්ෂාවට යොදවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

අද අරලිගයගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක් වූ අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරවලින් මිය ගිය හෝ විපතට පත් දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය මගින් රුපියල් ලක්ෂ දෙක දක්වා ප‍්‍රතිලාභ ලබා දීමට තීරණය කර ඇති බවත් එම ප‍්‍රතිලාභ ලබා ගැනීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

පාස්කු ප‍්‍රහාර හේතුවෙන් මානසික කම්පනයට පත්ව සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍යය යළි නගාසිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත්කර ඇති බව කී ඇමැතිවරයා ඊට සහාය දීම සඳහා ඉන්දීය විශේෂඥයින් පිරිසක් පැමිණ සිටින බව ද සඳහන් කළේය.

අපේක්ෂිත කාලයට වඩා සති දෙකක කාලයක් පාසල් ආරම්භ කිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් සිදු වූ අධ්‍යයන කටයුතුවල ප‍්‍රමාදයන් පියවා ගැනීම සඳහා අගෝස්තු මස නිවාඩුව යොදා ගැනීමට සිදුවනු ඇති බව ද මෙහිදී අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියා.

Recommended For You

About the Author: Editor