‘ෆනි’ නැගෙනහිර ඉන්දියාව වනසයි

‘ෆනි’ අතිෂයින් දරුණු සුළි සුළඟක් බවට පත් වෙමින් මේ වන විට නැගෙනහිර ඉන්දියාව හරහා හමා යමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අද පැයට කිලෝමීටර් 200කට ආසන්න වේගයකින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හරහා ඔඩිස්සා ප‍්‍රන්තයට කඩා වැදුණු ෆනී දැඩි සුළඟිනි හා අධික වර්ෂාවෙන් ඔඩිස්සා ප‍්‍රාන්තයේ දිස්ත‍්‍රික්ක 19ක ජන ජීවිතය සම්පූර්ණයෙන් අවුල් කර දැම්මා. මේ වන විට ලක්ෂ 18ක් අවදානම් ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර පුද්ගලයින් 03 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

මේ අතර ෆනි බටහිර බෙංගාලයට සහ අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට ද දැඩි සුළඟක් සමග අධික වර්ෂාපතනයක් රැුගෙන ආවා. මේ වන විට මෙම ප‍්‍රාන්තවල ගම්මාන සහ නගර බොහොමයක විදුලිය සහ සන්නිවේදන පද්ධති බිඳ වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරනවා. ඇතැම් නගර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වසර 05කට පසුව ඉන්දියාව මුහුණ දෙන දරුණුම සුළි කුණාටුව ෆනි බවයි.

Recommended For You

About the Author: Editor