‘ෆොනි’ වියරු වැටී ඉන්දියාවට කඩාපනී

දින කිහිපයක් තිස්සේ ඉන්දියන් සාගරයේ වියරු වැටී සිටින ‘ෆොනි’ චණ්ඩ මාරුතය අති ප‍්‍රබල සුළි කුණාටුවක් බවට පත් වෙමින් හෙට සවස් කාලයේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළින් ඔඩිස්සා ප‍්‍රාන්තය ඇතුළු ප‍්‍රාන්ත තුනකට දැඩි බලපෑමක් කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනවා.

මේ තත්ත්වයට මුහුණදීම සඳහා ඔඩිස්සා ප‍්‍රාන්තයේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 08ක් පමණ ජනතාව ඉවත් කිරීමට ඔඩිස්සා ප‍්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. මේ සමග ෆොනීට මුහුණ දීම සඳහා බටහිර බෙංගාලය සහ අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ආණ්ඩු ද පියවර ගනිමින් සිටිනවා.

ඉන්දීය කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට ඉන්දියාව වසර පහකට පසුව මුහුණ දෙන දරුණුම සුළි කුණාටුව වන්නේ ෆොනී සුළි කුණාටුවයි.

මේ වන විට නැගෙනහිර ඉන්දියාව වෙත පැයට කිලෝමීටර 200ක වේගයකින් හමා එන ෆොනි ඉන්දියාවට කඩා වඳින විට පැයට කිලෝමීටර 190ක පමණ වේගයක් ගනී යැයි ඉන්දීය බලධාරීන් විශ්වාස කරනවා.

Recommended For You

About the Author: Editor