ICC එක්දින ශ්‍රේණිගත කිරීම් අතර ලංකාව සහ අෆ්ගනිස්ථානය කරට කර

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (02* වාර්ෂික ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වාර්තාව ප‍්‍රකාශයට පත් කළා.

එම වාර්තාවට අනුව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයේ සිටින්නේ ප‍්‍රසාද ලකුණු 123ක් ලබාගෙන සිටින එංගලන්ත කණ්ඩායමයි.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ප‍්‍රසාද ලකුණු 113ක් ලබා ගෙන සිටින ඉන්දියාව පළමු ස්ථානයේ සිටිනවා.

ප‍්‍රසාද ලකුණු 76කට හිමිකම් කියන ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීම් අතර හිමිව තිබෙන්නේ 09 වැනි ද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ප‍්‍රසාද ලකුණු 94ක් සහිතව 06 වැනි ස්ථානය ද හිමිකව තිබෙනවා.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

1 එංගලන්තය – ප‍්‍රසාද ලකුණු 123
2 ඉන්දියාව – 121
3 දකුණු අප‍්‍රිකාව – 115
4 නවසීලන්තය – 113
5 ඕස්ටේ‍්‍රලියාව – 109
6 පාකිස්ථානය – 96
7 බංග්්ලාදේශය – 86
8 බටහිර ඉන්දිය කොදෙව් – 80
9 ශ‍්‍රී ලංකාව – 76
10 ඇෆ්ගනිස්ථානය – 64
11 සිම්බාබ්වේ – 54
12 අයර්ලන්තය – 46
13 ස්කොට්ලන්තය – 40
14 නේපාලය – 19
15 එක්සත් අරාබි එමීර් – 10
16පැපුවා නිව්ගිනියා – 6

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්

1 ඉන්දියාව – 113
2 නවසීලන්තය – 111
3 දකුණු අප‍්‍රිකාව – 108
4 එංගලන්තය – 105
5 ඕස්ටේ‍්‍රලියාව – 96
6 ශ‍්‍රී ලංකාව – 94
7 පාකිස්ථානය – 84
8 බටහිර ඉන්දිය කොදෙව් – 80
9 බංග්ලාදේශය – 65
10 සිම්බාබ්වේ – 16

මෙම වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමට හිිමිව ඇති ස්ථානය දෙස අවධානය යොමු කරන ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයින් පවසන්නේ ශ‍්‍රී ලංකාව මෑත ඉතිහාසයේ වාර්තා කළ අතිෂය දුර්වලතම වාර්තාවට මෙවසරේ හිමිකම් කියන බවයි.

මේ අතර අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව සිය සාමාජික රටවලට මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීමේදී මෙම ශ්‍රේණිගත කිරීම් ගැන ද දැඩි අවධානයක් යොමු කරන බව ක‍්‍රීඩා විචාරකයින් පවසනවා. පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාර හමුවේ දැඩි මූල්‍ය කප්පාදුවකට ආණ්ඩුව යොමුවන තත්්තවයක් තුළ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මගින් වාර්ෂිකව ලබා දෙන මූල්‍ය ප‍්‍රතිපාදන ද කප්පාදුවට ලක් වුවහොත් ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙටි කාලීනව දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෞලි මංගල්‍යය වශයෙන් සැලකෙන ලෝක කුසලානය අභියස සිට ඉදිරිපත් වූ මෙම අතිෂය දුර්වල තත්ත්වය වඩාත් ධනාත්මක කර ගැනීම එක්දින කණ්ඩායමේ වගකීමක් බව ද ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor