නීත්‍යානුකූලව ළඟ තබා ගැනීමට අවසර නැති කඩු, කිණිසි උල්පිහි ආදිය වහාම ළඟම ඇති පොලීසියට භාර දෙන්න – පොලීසිය

” නීත්‍යානුකූලව ළඟ තබා ගැනීමට අවසර නැති කඩු, කිණිසි, උල්පිහි ආදිය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් මහජනතාව ළඟ ඇත්නම් අද (04) සහ හෙට (05) ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන්න”යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් මෙම ඉල්ලීම කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා මෙසේ ද සඳහන් කළේය.

පාසැල් ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහායත් සමග පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තියෙනවා. මීට අමතරව පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සියලුම පොලිසිවලට උපදෙස් දී තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කොට්ටාස භාර පොලිස් අධිකාරීවරුන් හා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අධීක්ෂණයට භාර දී තියෙනවා.

පාසැල්වල විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බැවින් හෙට (05) ප.ව.1.00 න් පසු පාසැල් අවට වාහන නවතා තබන්න එපා.

පාසැල් ළමුන් ප්‍රවාහන රථ ගාල් කිරීමට ස්ථාන හා ක්‍රීඩාංගන සැලසුම් කර ඇත.ඒ සම්බන්ධ සැලසුම් විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනය මා විසින් ඔබ වෙත එවීමට කටයුතු කරනවා.

අප්‍රේල් 21 වන දින ප්‍රහාරයෙන් පසු හඳුනා නොගත් මෘත ශරීර කොටස් 56 ක් කොළඹ අධිකරණ ද්‍යෛ නිලධාරි කාර්යාල මෘත ශරීරිගාරයේ  තිබෙනවා.මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව තම පවුලේ අතුරුහන් වූ හෝ ආ ගිය අතක් නැති අය සිටී නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමෙන්  DNA පරීක්ෂණ මගින් මෙම මෘත ශරීරවල අනන්‍යතාවය තහවුරු කළ හැක.

නීත්‍යානුකූලව ළඟ තබා ගැනීමට අවසර නැති කඩු, කිණිසි, උල්පිහි ආදිය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් මහජනතාව ළඟ ඇත්නම් අද (04) සහ හෙට (05) ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන්න.

සමාජ මාධ්‍යජාලාවල අසත්‍ය කරුණු ප්‍රචාරය වෙනවා. අත්අඩංගුවේ පසුවන සැකකරුවෙක් ගැන පොලිසි නිලධාරීන් දෙදෙනෙකුගේ දෙබසක් ව්‍යාජ ලෙස සකස් කොට සමාජ මාධ්‍යජාලාවල ප්‍රචාරය වෙනවා. එය අසත්‍යයක්. ඊට අදාළව පරික්ෂණ පවත්වනවා

Recommended For You

About the Author: Editor