
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් බලපෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්රය යළි යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා.
ෆීජි රාජ්‍යයේ පැවැත්වෙන ආසියා සංවර්ධන බැංකුවේ පනස් දෙවන වාර්ෂික මහසභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ යටතේ එම හෝටල් සදහා බදු සහන ලබාදිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමටද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.