සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඉල්ලා එජාප මැති ඇමැතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය භාරදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමේ ලිපිය මෙම 6දා ජනපතිවරයාට සහ අගමැතිවරයාට භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවයසි.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසූ මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩිම අත්දැකීම් පවතින්නේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාට බවත්, ඔහුගේ අවශ්‍යතාවය මහජන හඬ බවට පත්ව තිබෙන බවයි.

මෙම ලිපිය සඳහා ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් 59 දෙනෙකු අස්සන් අත්සන් තබා ඇතැයි මාරසිංහ මහතා පවයසි.

අදාළ ලිපිය පිළිබඳව මහා සංඝරත්නය, කාදිනල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයින් දැනුම්වත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවයසි.

Recommended For You

About the Author: Editor