මීගමුව පොලිස් කොට්ඨාශයේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් වසම් මෙන්න

මීගමුව කොච්චිකඬේ පෝරුතොට ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පොලීසිය මැදිහත්ව මැඩපවත්වන ලද බවත් මෙම තත්ත්වය තව දුරටත් පැතිරීම මැඩපැවැත්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන පරිදි හෙට (6) උදෑසන 07.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප‍්‍රදේශ වන්නේ, මීගමුව, කොච්චිකඬේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය, සහ කටාන යන පොලිස් වසම් වේ.

Recommended For You

About the Author: Editor