ලංකාවට පිටුවහල් කළ මාකඳුරේ මධූෂ් CID භාරයට

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් බවට සැකකරන පාතාල නායකයෙකු යැයි කියන සමරසිංහ  ආරච්චිලාගේ  මධුෂ් ලක්ංෂිත හෙවත්  මාකදුරේ මධුෂ් අද (5) අලුයම  මෙරටට  පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි  රුවන්  ගුණසේකර  මහතා  පැවසීය .

අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි .

ඩුබායි පැවති උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ  සිට මාකදුරේ මධුෂ් මෙටට පිටුවහල් කිරීමට ඩුබායි අධිකරණය පියවර ගත්තේය.

එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගිය බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor