
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නැමති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව යුද හමුදාව පවසයි. ඊයේ උදෑසන 06.00 සිට දහවල් 01.00 දක්වා මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියේය.
යුද හමුදාව පැවසූයේ තුර්කි නගර් හා තාරාපුරම් හි නිවාස 150 අධික සංඛ්‍යාවක් විශේෂ සෝදිසියකට ලක්කළ බවයි. තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි කිණිසි කිහිපයක් සොයාගත් අතර එම කිණිසි වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.