
ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මගින් විකාශය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂක මෙහෙයුම් සිදුකරන අවස්ථාවල දී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසි
දු බාහිර පාර්ශ්වයන් ඒ සදහා සහභාගි කර නොගන්නා ලෙස සියලූ ම ආරක්ෂක අංශවලට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැහැදිලි උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.
පාස්කු ඉරිදා දින සිදු වූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාත්මක ය. ඒ යටතේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර නිවාස, පොදු ස්ථාන සහ රථ වාහන පරික්ෂාවට ලක් කෙරේ.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතුවල රූප රාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස් ද ඊට සම්බන්ධ බවට අදහසක් සමාජය තුළ ඇතිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.