
අන්තවාදී සුළු පිරිසක් විසින් සිදු කළ ත්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත්‍රස්තවාදය නිසි ලෙස හදුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සම
ග අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡවක දී ය.
මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් පෙන්වා දුන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මෙම ම්ලේච්ඡ කි‍්‍රයා කිසිවිටෙකත් අනුමත නොකරන අතර මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අනෙකුත් ආගමික ප්‍රජාව සමග ඉතාම සහයෝගයෙන් ජීවත්වන පිරිසක් බවයි.
අපේ‍්‍රල් 21 වන දා සිදුවීමත් සමග සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බැලීම හේතුවෙන් ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාවය පිළිබ
දව මෙහිදී එම නායකයෝ ජනාධිපතිතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිදියාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබ
දව යෝජනා සහ අදහස් කිහිපයක් ද ඉදිරිපත් කළහ.
එමෙන් ම ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විනාශ කිරීමේ ආරක්ෂක අංශ මෙහෙයුම්වලට තම පූර්ණ සහය ලබාදෙන අතර ම අන්තවාදයට හිස එසවීමට ඇති සියලූ තත්ත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි. ඇතැම් ඉස්ලාම් භක්තියන් අතර පවතින මිථ්‍යා විශ්වාස දුරලමින් ඔවුන්ට යථා අවබෝධය ලබාදීම පිළිබද වැඩසටහන් ද මේ වන විට කි‍්‍රයාත්මක බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ කිසිදු ජනකොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබා සියලූ දෙනාගේ ගෞරවය ආරක්ෂා කරමින් ජාතියක් ලෙස මෙකී අභියෝගයට මුහුණදීමට ජනාධිපතිතුමා ගත් නිවැරදි පියවර පිළිබ
දව ද මෙහිදී මුස්ලිම් සිවිල් සමාජ නායකයෝ ජනාධිපතිතුමා වෙත ප්‍රශංසාව පළ කළ අතර මෙම තත්ත්වයත් සමග රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2015 වසරේ සිට රට තුළ ගෙන ගිය සංහි
දියා වැඩපිළිවෙළ ද මහගු ශක්තියක් වූ බව ස
දහන් කළහ.