පාසල්වලට දිගටම ආරක්ෂාව ලබා දෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගතවූ පැය 24 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල විශේෂ මෙ‍හෙයුම් මඟින් පුපුරණ දුව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇතැයි
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කීවේය.

එරක්කන්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ප්‍රදේශයේ මාළු වාඩියක සඟවා තිබූ පුපුරණ දුව්‍ය තොගයක්  සොයාගෙන ඇත. එහිදී, වෝටර් ජෙල් කූරු 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් 26 ක් සහ අඩි 5’ 8” දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් ද සොයා ගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය කුච්චවේලි, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.

පාසල්වලට  ආරක්ෂාව ලබා දීම දිගටම සිද්ධ කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

පාසල්වලට  ආරක්ෂාව ලබා දීම දිගටම සිද්ධ කරනවා යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ගුණසේකර මහතා මෙසේ ද කීවේය.

ඊයේ (05) සවස  කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයේ පෝරුතොට ප්‍රදේශයේ ඇතිවු සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සදහා පොලිස් කණ්ඩායම් 4ක් පත්කර තිබෙනවා. එම සිද්ධියට අදාළව සැකකරුවන් 02ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් අනාවරණයවු තොරතුරු මත එම සිද්ධියට අදාළ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. මේ වන විට සාමකාමී වතාවරණයක් එම ප්‍රදේශයේ පවතිනවා. අධික බීමත්කම නිසයි මෙම සිදුවීම සිදුවෙලා තිබෙන්නේ. සිද්ධියට අදාළ සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙනවා.

පසුගිය විසි එක්වන දින සිදුවු  බෝම්බ පිපිරීමේ සිද්ධියට අදාළ එම ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණ සිදු කරනවා. එම විමර්ශනවලට අනුව එම ත්‍රස්ත කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140 කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබෙන අතර ඉන් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඉතිරි මුදල් ගිණුම්වල තිබෙනවා. එම ගිණුම් තහනම් කරන්න විමර්ශන සිදු කරනවා.  

මෙම ත්‍රස්ත කණ්ඩායම්වලට අයත් වෙනත් වත්කම් ගණනාවක් ම අනාවරණය කර ගැනීමට හැකිවුණා. ඒ අනුව රුපියල් බිලියන 7කට වැඩි ප්‍රමාණයක වත්කම් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  හැකිවී තිබෙනවා.  එම වත්කම් තහනම් කිරීමට ද කටයුතු කරනවා.

පසුගිය 21 වන දා සිදු වූ සිදුවීමට අදාළව  අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 54 ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා.  ඉන් 7ක් කාන්තාවන් . ඒ වගේම  අත්අඩංගුවට ගනුලැබූ 19 ක් ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාශය භාරයේ සිටිනවා. ඉන් 02ක් කාන්තාවන්. ඒ අනුව සැකකරුවන් 73 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස භාරයේ රදවා ගනිමින් විමර්ශනය කරනවා. ප්‍රශ්න කරනවා.

ඒ වගේම පෙරෙයිදා යාපනයේ විදුහලකට තර්ජනාත්මක ලිපියක් ලැබුණා. ඒ පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කළා. එම ලිපියේ නම සදහන්  පුද්ගලයා සොයා ගැනීමට හැකිවුණා. නමුත් විමර්ශනවලින් පැහැදිලි වුණා මෙම ලිපිය නම සදහන්  පුද්ගලයා විසින් ලියන ලද නොවන්නක් බවත් ඔහුව හසු කිරීම සදහා ඔහු සමග පුද්ගලික අමනාපයක් ඇති වෙනත් පුද්ගලයකු විසින් ඔහු හසුකිරීමට මෙම ලිපිය ලියු බවත් අනාවරණය වුණා. ඒ අනුව මෙම ලිපිය ලියු පුද්ගලයා සොයා ගැනීමට විමර්ශන සිදු කරනවා.

අද අලුයම මහරගම වෙළදසැල් 03ක ගින්නක් ඇති වුනා. පැහැදිලිව කිනයවා මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවන බව. මෙය සිදුවී ඇත්තේ විදුලි කාන්දුවකින් බව විමර්ශනයේදී හෙළි වුණා. කෙසේ නමුත් සාම්පල්හි කොටස් රජයේ රස පරීක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අද උදෑසන බොරුල්ල ප්‍රදේශයේ ඇති වූ ශබ්දයකින් ප්‍රදේශවාසීන් කලබලයට පත්වුණා. බොරැල්ල පොලිස්බල ප්‍රදේශයට අයත් බේස්ලයින් කල්ගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් රූපවාහිනී ඇන්ටනාවක් යකඩ බටයක් සහිතව වහළයට සවිකිරීමට යාමෙදී වොට් 33000ක අධි බැලැති විදුලි රැහැනක ගැටි මේ සිදුවීම සිදුවෙලා තිබෙනවා. ඉන් තුවාල ලැබ තිදෙනෙක් කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඒ වගේම දිවයින පුරා සොදිසි මෙහෙයුම් දිගටම සිදු කෙරෙනවා. පොලිසිය හා ත්‍රිව්ධ හමුදාවට ඒකාබද්ධ සහ වෙන් වෙන් වශයෙනුත්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඉතා අනගි සහායක් ලබා දෙනවා. මේ සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් විශාල ප්‍රමාණයක් පොලිසියේ කටයුතුවලට අනුයුක්ත කර තිබෙනවා. 

පාසැල්වලට  ආරක්ෂාව ලබා දීම දිගටම සිද්ධ කරනවා. දෙමව්පියන්ගෙන් හා ළමයින්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලීමක්  කරනවා ළමුන් රැගෙන එන වාහනය ගේට්ටුව අසල නතර කළ සැනින් දරුවා වාහනයෙන් බැස්සවීමට කටයුතු සුදානම් කර සිටින ලෙසට. නැත්නම් විශාල වාහන තදබදයක් ඇතිවිය හැකියි.

Recommended For You

About the Author: Editor