
පාස්කු ඉරිදා ප්රහාරයන්ට සම්බන්ධ ත්රස්තයන්ට රුපියල් මිලියන 140 ක මූල්‍ය වත්කමක් සහ රුපියල් බිලියන 7 ක දේපල වත්කමක් පවතින බව හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව හෙළි කළා.
ඒ සියලු වත්කම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.
,