
මගීන් 73 දෙනකු රැගත් රුසියන් ගුවන් යානයක් ඊයේ රාත්රියේදී රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපළට කළ හදිසි ගොඩබැසීමකදී ගිනි ගෙන විනාශ වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනකු මිය ගොස් ඇති අතර එයින් 02ක් දරුවන් බව වාර්තා වෙයි. තුවාලකරුවන් 05 දෙනකු රෝහල්ගත කර ඇත. මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණික ප්‍රශ්නයක් බව රුසියන් බලධාරීන් සඳහන් කරන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.