
රාමසාන් උපවාස කාලය හෙටින් (7) ආරම්භ වන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එම් ආර් එම් මලික් මහතා පවසනවා.
එම කාලයේ මුස්ලිම් පල්ලි තුළ ශබ්ද විකාශන යන්ත්ර භාවිතය සීමා කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. පිටතට ශබ්දය නෑසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්ර පල්ලි තුළ ක්රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව එම් ආර් එම් මලික් මහතා වැඩි දුරටත් සඳහන් කළා.