
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකිර්ණයේදී පස්වරු දෙකට එය ආරම්භ වන බවයි කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
රටේ ආරක්ෂක තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි න්‍යාය පත්‍ර පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානයට ගැනෙනවා. පාර්ලිමේන්තු රැස්වීම් හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනූව රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙම සතිය තුළ වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි කතානායක මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ.