සිදුවූ ඛේදවාචකය පිළිබද මුස්ලිම් සමාජය වෙනුවෙන් සමාව අයදිනවා – මාතලේ දිස්ත්‍රික් උලමාවරුන්ගේ සංගමයේ සභාපති මව්ලවිතුමා

මුස්ලිම් නම් දරාගනිමින් අන්තවාදි ත්‍රස්ත්‍රවාදීන් සිදු කළ අවාසනාවන්ත සිද්ධිය ශ්‍රී ලාංකිය මුස්ලිම් සමාජය සිහිනෙකින්වත් අපේක්ෂා නොකළ අවාසනාවන්ත සිදුවීමක් බවත් මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ජීවිතක්ෂයට පත්වු සහෝදර ජනතාව වෙත සිය ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන බවත් මාතලේ දිස්ත්‍රික් උළමාවරුන්ගේ සංගමයේ සභාපති එම්.එම්.රයිස් මව්ලවිතුමා පැවසීය.

 මුස්ලිම් සමාජය වෙනුවෙන්  විපතටපත් සහෝදර  ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද  පැවසු  මව්ලවිතුමා ශ්‍රී ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව කෙදිනකවත් රටට එරෙහිව කටයුතු නොකළ බවත් උතුරේ එල්.ටී.ටී. ත්‍රස්වාදය ක්‍රියාත්මක වන සමයේදී රට ආරක්ෂා කරගැනීම පිණිස රජයට සහ ආරක්ෂක හමුදාවන්ට තම මුස්ලිම් ජනතාව සම්පූර්ණ සහයෝගය ලබාදුන් බවද පැවසූවේය.මේ නිසා තම ජනතාවට ඇදිවත පමණක් රැගෙන  උතුරු නැගෙනහිරින් ඉවත් වන්නට සිදුවූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මව්ලවිවරයා මේ බැව් පැවසූවේ ඉකුත් 05 දා මාතලේ දිසාලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් අමතමිණි. එලැබෙන රාමසාන් උපවාස කාලයේදී ආගමික වතාවත් වල යෙදෙන මුස්ලිම් ජනයා සහ මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව පිලිබද පැවති රැස්විමක් අමතමිනි. දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ.පෙරේරා මහතා විසින් මෙම රැස්වීම කැදවා තිබිණි.

කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි. රැස්වීම සදහා දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලිවල මව්ලවිවරුන් සහභාගී වූහ.

මෙහිදි කතා කළ මාතලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ අන්වර් මව්ලවිතුමා පැවසුවේ ආගම නිසා මුස්ලිම්වරුන්ට කිසිදු පුද්ගලයෙකුට කවර ආකාර හෝ පීඩාවක් කිරීමට නොහැකි බවත් එසේ කරන කවර මුස්ලිම් ජාතිකයෙකු  වුවද ඒ අවස්ථාවේදී මුස්ලිම් කමෙන් ඉවත් වන බවද පැවසීය.. කෙසේ නමුදු  සියයක් තරම් යැයි ගණන් බලා ඇති මෙම අන්තවාදි ත්‍රස්ත්‍රවාදි කල්ලිය මර්ධනය කිරීමට රජයට  මුස්ලිම් ජනතාවගේ සම්පුර්ණ සයෝගය ලබා දෙ බවද  පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එච්.එම් ඉබ්‍රාහිම් මහතා පැවසූයේ ආරක්ෂක අංශ විසින් සිදු කරන සෝදිසි මෙහෙයුම්වලදී භාෂාව නොදැනීම හේතු කොට  මුස්ලිම් ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට ලක්වීමට සිදු වී ඇති බවයි. එසේ වුවත් ත්‍රස්ත්‍රවාදි ක්‍රියාවන් මැඩ පැවැත්වීම සදහා රජයට මුස්ලිම් ජනයාගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ද පැවසූ මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ විසින් සිදු කරන පරික්ෂාවන් මුස්ලිම් ජනතාවට පීඩාවන් වන ලෙස සිදු නොකිරීමට වග බලා ගත යුතු බවද පැවසීය..විශේෂයෙන්ම රාමසාන් උපවාසි කාලයේදි මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව දැඩි කරන ලෙසද ඒ මහතා ඉලා සිටියේය.

මාතලේ පොලිස් අධිකාරි එස්.ඩී.එස්. පී. සන්දනායක මහතා මෙහිදි ප්‍රකාශ කළේ ආරක්ෂක තත්වය විදිමත්ව පවත්වාගෙන යාමට මුස්ලිම් පූජකවරුන්ගේ සහ මුස්ලිම් ජනතාගේ සහයෝගය අවශ්‍ය බවයි.තහනම් කළ ආයුධ අදිය තමන් සන්තකයේ තිබෙනවානම් ඒවා ළගම ඇති පොලිස්ථානයට භාර දෙන ලෙසද උත්සව කාලයේ තම ඥාතීන් මිත්‍රයින් නිවෙස් වලට පැමිණෙන්නේනම් ඒ පිළිබද පොලිසියට විස්තර සහිතව දැනුම් දී තබන ලෙස ද පැවසූ පොලිස් අධිකාරීවරයා ආරක්ෂ අංශ විසින් සිදු කරන සෝදිසි කිරීම් සමස්ත සමාජයේම ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන දේවල් බැවින් එහිදි  යම් යම් අපහසුතා සිදුවිය හැකි බවයි.මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න , දිස්ත්‍රික් ලේකම් එස්.එම්. ජී.කේ.පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor