
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කර ඇති අවස්ථාවේ ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මහතා ඉල්ලීමක් කරයි.
ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද (7) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මෙම ඉල්ලීම කළේය.