
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බව ඕස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා කරනවා.
අග්‍රාමාත්‍යවරයා ඇල්බරි ප්‍රදේශයේ පැවති කාන්තා සංවිධානයක රැළියකට සහාභාගි වූ අවස්ථාවේ දී ඊට එක්වූ කාන්තාවක මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වන්නේ.
25 හැවිරිදි එම කාන්තාව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසීය කටයුතු කළා. කෙසේවුවද මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාම ගොවි සංවිධාන විරෝධතා පැවැත්වූවා. ඒ අනුව ගොවි සංවිධානයක නියෝජිතවරියක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
ලබන සතියේ ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ආරම්භ වීමට නියමිතයි.