ජනපති – ගෝඨා ඝාතන තැත ගැන මධූෂ්ගෙන් ප‍්‍රශ්න කරන බව CID අධිකරණයට දන්වයි

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැලසුම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා කොතරම් දුරට සම්බන්ධදැයි සෙවීම සඳහා  ප්‍රශ්න කිරීමට නියමිත බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව අධිකරණයට දැනුම්  දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගේ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර  පාර්ශ්වය වන නාමල් කුමාර නැමැත්තාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නියෝගය ද එදිනට ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා  දැනුම් දුන්නේය.

නාලකද සිල්වා මහතා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අද නියෝග කෙරිණි.
 

Recommended For You

About the Author: Editor