ත‍්‍රස්තවාදීන් 150ක් නිසා සමස්ත මුස්ලීම් සමාජයම ත‍්‍රස්තවාදීන් ගොඩට ඇඳ දමනවාද ? – ජනපති

බුද්ධි අංශ වාර්තා පරිදි ඔවුන් සදහන් කරන්නේ මේ රටේ මෙම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධව ඇත්තේ 150 දෙනෙක් පමණක් බවත් මෙම 150 දෙනා නිසා සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදය ගොඩට ඇද දමනවාද කියා සිතා බැලිය යුතු බවත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මෙහිදී ජනපතිවරයා කියා සිටියේ මීට පෙර දෙමළ ජනතාව අවිශ්වාස කිරීම නිසා ගැටලූ රැුසකට මුහුණදීමට සිදු වූ බවයි.

ජනපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අද පැවැති කල් තැබීමේ විවාදයට සහභාගී වෙමිනි. ජනපතිවරයා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා සිංහල, දමිල සහ මුස්ලිම් ජනතාව අතර එකමුතුකමක් ඇති කරන්න කටයුතු කල යුතුයි. එමෙන්ම සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව සිටින්න එපා. ඔවුන් බියට පත් වුවොත් මෙම අන්තවාදී සංවිධාන සමග එක්වෙන්න හදාවි. අපි ඒ තත්ත්වය නැති කරන්න ඕනේ.

මේ වෙන කොට රටේ ආරක්ෂක අංශ වෙත සම්පුර්ණ බලතල ලබාදී තිබෙනවා ඔවුන්ගේ මෙහෙයුම් සිදුකරන්න. දැනට ඔවුන්ගේ ජාලයෙන් 99%ක් අත්අඩංගුවේ සිටින්නේ, ඉදිරි දින 2-3 තුලදී මේ ඉතිරි අයත් අත්ඩංගුවට ගන්න හැකිවෙනු ඇති බව ” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor