
නීතිපති ධුරය සඳහා පත් කළ දප්පුල ද ලිවේරා මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (07) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදුන් බව කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.