
පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ මරණකරුවන්ගේ ඞී.එන්.ඒ වාර්තා කැඳවා මරණ පරීක්ෂණ සාක්කි කැඳවීමට වහාම පියවර ගන්නා ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙහිදී අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ප්රහාරය එල්ල කළ ජාතික තවුහික් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන්ට දෙමටගොඩ මහවිල ප්රදේශයේ නිවස අයත් බව දෙමටගොඩ පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බවයි. වැඩි දුර පරීක්ෂණ සඳහා එම නිවස තම භාරයට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.