පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම ගැන සොයන විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව හෙට නීතිපතිට

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරීම් පිළිබඳ සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විතව පත් කළ විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව මේ වන විට තමා වෙත ලැබී තිබෙන බවත් එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීමට එය හෙට (8) නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත්, තවත් සතියකින් එය ජනතාවට ද විවෘත කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.

Recommended For You

About the Author: Editor