පාස්කු ප‍්‍රහාරවලින් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නංවන්න ණය සහන සහ බදු සහන

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් බිඳ වැටීමට ලක් වූ සංචාරක ක්ෂේත‍්‍රයට ණය සහන කාලයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා.

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළා.

සංචාරක කරමාන්තය වෙනුවෙන් ලබාගෙන ඇති ණය සදහා ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා ප‍්‍රාග්ධන සහ පොලී ගෙවීම අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. එම කාලයට අදාල පොලී සහ ප‍්‍රාග්ධන එකතුව ලබන වසරේ ජුනි විස්සෙන් පසුව කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම හිමිවන බව ද ඇමැතිවරයා ප‍්‍රකාශ කළා. සියලු බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ සංචාරක කටයුතුවලින් අයකරන වැට් බද්ද ද සියයට 05 දක්වා පහත දමා ඇති බවත් එය ලබන වසරේ මාර්තු 31 දා දක්වා ක‍්‍රියාත්මක වන බවයි.

මෙම සියලූම සහන එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරක ව්‍යාපාරය සඳහා ණය ලබාගත් ලොකු – කුඩා සියලූම සංචාරකයින්ට හිමිවන බවයි ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

Recommended For You

About the Author: Editor