බි‍්‍රතාන්‍යයට තවත් කුමාරයෙක්

සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාකල් කුමරිය බිලිඳු පුතෙකු බිහි කළ බව සසෙක්ස් හි ආදිපාදවර හැරී කුමරු නිවේදනය කළේය.

එළිසබෙත් මහ රැජිණගේ අට වැනි මීමුණබුරා මෙලෙස උපත ලබා ඇත. බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට බි‍්‍රතාන්‍ය කිරීටයට පිළිවෙළින් හිමිකම් කියන 7 වැනි කුමර වන්නේ හැරී – මේගන් යුවළට දාව බිහි වූ මේ කුමරාය.

රාත්තල් 7ක් සහ අවුන්ස 3ක් බරැති බිලිඳු කුමරා උපත ලබන අවස්ථාවේ හැරී කුමරු ද එහි සිටි බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය. තම පළමු දරුවා ගේ උපත පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු තවදුරටත් කියා සිටියේ “මගේ ජීවිතයේ ලැබිය හැකි හොඳම අත්දැකීම” මෙය වන බවය.

මෙක්සිකෝවේ සිට ලන්ඩන් නුවර ප්‍රකාශයට පත්කෙරෙන Sun පුවත්පත සමග අදහස් දක්වමින් මේගන් මාකල් ගේ පියා, තෝමස් මාකල්, නව දෙමාපිය යුවලට සුභාශිංසන පිරිනමා තිබිණ.

Recommended For You

About the Author: Editor