
මෙසේ හැදින්වෙන්නේ ගොයමට වැළෙ
දන ප්‍රධාන බැක්ටීරියා රෝගයයි. Xatlhomonas oryzae pv oryzae නැමැති බැක්ටීරියාවක් නිසා හටගන්නා මෙම රෝගය නිවැරදිව මුල් අවධියේදීම හඳුනාගෙන ගොයම බේරාගැනීමට කටයුතු නොකළහොත්, මුළු වගාවම වැනසීයාම සිදුවිය හැකිය. ගොයමට සති 2-6 ක් අතර වයසක දී කුඩා පැළ කහපාට වී මැළවී යාම දක්නට ලැබේනම් එය කොළ අංගමාරයේ ”ක්රෙසෙක්” අවස්ථාව ලෙස තේරුම්ගත යුතුවේ.
”ක්රෙසෙක්” Kresek යනු මැළවීයාමයි. ළපටි පැළයේ පත්‍ර වල වර්ණය වෙනස් වී, රෝල් වී පිදුරු පාටට හැරී මැරීයයි නම්, එය පුරුක් පණුවාගේ හානිය යැයි ඇතැම්විට වැරදියට වටහාගැනීමට ද ඉඩකඩ ඇත. ගොයම් පැළය ඉහළට අදිනවිට පහසුවෙන් ගැළවී එයිනම් එය පුරුක් පණු හානියයි. ගැළවී ආ තැන පණුවාගේ අපද්‍රව්‍ය, ඇතැම්විට පුරුක් පණුවා ද හදුනාගත හැකි වේ. නමුත් අංගමාර අවස්ථාවේ දී ගොයම් පැළය ඒතරම් පහසුවෙන් ගැළවී එන්නේ නැත. පරිණත ගොයමට කොළ අංගමාරය වැළ
දුණුවිට පත්‍රවල කහ පැහැති තෙතබරිත තීරු වශයෙන් ළප හටගෙන ක්‍රමයෙන් මේවා පිදුරු පාටට හැරී තරංගාකාර දාරයක් සහිතව පත්‍ර තලය පුරාම පැතිරී යයි. සම්පූර්ණ ශාකයම කහ පැහැ වී මැරීයාම මෙහි අවසන් ප්‍රතිඵලය වේ.

වී වගාවේ දී නිතරම අවධානයට ලක්වෙන ජල පාලනය මෙහිදී ද ඉතා වැදගත්ය. අනවශ්‍ය පරිදි කුඹුරේ ජලය පුරවාගෙන සිටීම හරහා පත්‍ර අසීමිතව තෙත් වීමෙන් රෝගය මතුවිය හැකිවේ. එබැවින් රෝගය දුටු වහාම කුඹුරේ වැඩි ජලය ඉවත් කරන්න. එහිදී ද නිරෝගී ලියැද්දක් වෙතට ජලය කපා හැරීම නොකළ යුතුවන්නේ එයට ද රෝගය සම්පේ‍්‍රෂණය විය හැකි බැවිනි. පැළ අවධියේ දී අධික වැසි පවතී නම් දින 2-3 ක් ජලයෙන් ගොයම් පැළ යටවී පැවතීම ද අවහිර කළ යුතුය.
මල් පිපෙන අවධියේ දී රෝගය මතු වූවිට බණ්ඩි පොහොර යොදා නැත්නම් එහි යූරියා කොටස නොයොදා, රතු කුඩු (මියුරියේට් ඔෆ් පොටෑෂ්* පමණක් යෙදීම සුදුසුය. යූරියා මගින් ශාකයේ වර්ධනය වේගවත් වී පත්‍ර පටක මාංශල බවින් වැඩිවන නිසා පහසුවෙන් රෝගයට පාත්රී වියහැකි බැවිනි. රතුකුඩු හරහා පටක වලට යම් දෘඩභාවයක් හා රෝගයට ප්‍රතිරෝධී තත්වයක් ගොඩනැගේ. තාවකාලිකව ර
දවාගත් යූරියා සතියකට පමණ පසු යෙදිය හැකිය.

රෝගය මතුවන අවධියේ දී බණ්ඩි පොහොර ද යොදා ඇත්නම් කුඹුරේ ජලය කපා, අමතර රතුකුඩු ප්‍රමාණයක් (හෙක්ටයාරයකට කි.ග්රෑ. 10 ක්) යෙදීම හොද ප්‍රතිකාරකයක් වේ. මූලධර්මයක් ලෙස සෑම තැනකදී ම සිහිපත් කරන ආකාරයට නැවතත් කිවයුතු වන්නේ ප්‍රතිකාරයට වඩා රෝගය වළක්වාගැනීම හැම අතින්ම සුදුසු බවය.
ඒ ස
දහා පහත සදහන් පියවරයන් මතක තබාගැනීම වටී.
1 සහතික කළ බිත්තර වී වලින් වගාව අරඹන්න. වතුර වැඩි කුඹුරක නම් අධික වැසි කාල ම
ගහරිමින් වගා ආරම්භක කාලසටහන සකස් කර වගා ස්ථාපනය කරන්න.
2 කුඹුරේ බිම හොදින් මට්ටම් කරන්න. අක්‍රමවත්ව වතුර ර
දා ඇති ස්ථාන අඩු කරගන්න.
3 තෘණ කුලයේ වෙනත් ශාක බැක්ටීරියාවට ධාරක ශාක විය හැකියි. ඒ අනුව නිසි වල් මර්දනය, පිදුරු, නිරිවගා ආදිය ඉවත්කිරීම රෝගය පිටුදැකීම සම්බන්ධයෙන් වැදගත් වේ.
4 යූරියා පොහොර යෙදීම ගැන ඉතා සැළකිලිමත් වීම වටී. පත්‍ර වර්ණ දර්ශක ඇත්නම් ඒ හරහා යූරියා යෙදිය යුතු ප්‍රමාණය ගැන තීරණයක් ගන්න.
5 රෝගකාරකයා අවම කිරීම උදෙසා බෝගමාරුව ඉතා හොද ප්‍රතිකාරකයකි. ඒ ස
දහා අවධානය යොමුකරන්න.
පිටපත ඃ සනත් එම්. බණ්ඩාර, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්ෂණික කරුණු ඃ රුක්මාලි ගුණපාල, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ