
ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08)පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.
මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ අපේ‍්‍රල් 21 වනදා සිදුවීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත්‍රස්ත කි්රයාවක් බවයි. මෙම ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැගි සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එබැවින් රටේ ජාතික සම
ගිය සහ සංහිදියාව ප
ථදුවන ආකාරයේ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධවෙමින් ත්රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙස සියලූදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා රට තුළ ජාතික සමගිය සහ සංහි
දියාව ශක්තිමත් කර ගැනීමට සියලූදෙනා කැප විය යුතු බව ද සදහන් කළේය. පසුගිය අපේ‍්‍රල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ,සයින්දමර්දු ප්‍රදේශයට අද (08) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දි පළමුව නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සම
ග හමුවකට එක් විය.
නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් ද එක්ව සිටී එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක අංශවල සිදුකරන ලද පැහැදිලි ප්රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබද කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ කි‍්‍රයාත්මක වන බවත් එම වැඩපිළිවෙළ ම
ගින් සියලූ පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් ය.
ත්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දි මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් ජනතාව අතර බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැගීමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ද ජනාධිපති කියා සිටියේය. අපේ‍්‍රල් 21 වනදා මෙම අවාසනාවන්ත සිදුවීමත් සම
ග ජීවිත පරිත්‍යාගයෙන් මව්බිම වෙනුවෙන් තම වගකීම් ඉටුකළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළ අතර මුස්ලිම් ජනතාව සම`ග සමීපව, කිසිදු චෝදනාවක් එල්ල නොවන අයුරින් ආරක්ෂක අංශ ඉටුකරන මානුෂීය මෙහෙවර ඇගැයීමට ලක් කළේය.
මෙහි දී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ අපගේ ආරක්ෂක අංශ මේ වන විට මුස්ලිම් ජනතාව සමග ඉතා සමීපව කටයුතු කරමින් එම ජනතාවගේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් වූ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරමින් සිටින බවත්, ආරක්ෂක අංශවල කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නොමැති බවත් ය. ජනාධිපතිතුමා සයින්දමර්දු ප්‍රදේශයට පැමණීම වෙනුවෙන් සයින්දමර්දු ජුම්මා පල්ලියේ සභාපති වයි.එම්. හනිපා මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. අනතුරුව ජනාධිපති එම ස්ථානයේ දී ම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සම
ග හමුවකට එක් විය.
එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ ම්ලේච්ඡු ත්රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බවයි.
අන්තවාදී ත්රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී තරුණ තරුණියන්ට පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලූ සදහා ලබාදිය හැකි සියලූ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි. එම තරුණ තරුණියන් සම
ග සුහද කථා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවධානව ඇහුම්කන් දෙනු ලැබීය.
මඩකලපුව විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබද සිදු කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, එහිදී එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත්ය. සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබ
ද කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපති ඒ පිළිබද අදාළ අංශ සමග සාකච්ඡුා කරන බව පැවසීය. මෙම හමුවෙන් අනතුරුව පසුගිය අපේ‍්‍රල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම ස්ථානය ද නිරික්ෂණ කළේය.
අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතු
ථ පළාතේ මහජන නියෝජිතයන් ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක , වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, නැගෙනහිර ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතු`ථ ආරක්ෂක අංශ ප්‍රධානින් ද, නැගෙනහිර පළාත් පාලන ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.