කැබිනට් තීරණ මෙන්න…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (07) රැස් වුණා. ජනපතිවරයා ඇතුළු ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ 29කට අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී ගත් ‘‘කැබිනට් තීරණ’’වල සරාංශයක් පහත පළ වෙනවා.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනපති විද්වත් කමිටු වාර්තාව (ජනපති විසින් ඉදිරිපත් කරන ලදි)

ජාතික නව්‍යකරණ නියෝජිතායතනය පිහිටුවීම- ජනපති

පඩිපාලක සභා ආඥාපනත සංශෝධනය කිරීම – කම්කරු සහ වෘත්තීය සබඳතා කැබිනට් නොවන ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි ජනපති විසින්.

ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිිවිසුමකට එළඹීම – ආරක්ෂක ඇමැති ලෙස ජනපති.

දුම්රිය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය – මුදල් ඇමැති මංගල සමරවීර.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ පෝෂණ මට්ටම ඉහළ නැංවීම – මුදල් ඇමැති විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකි.

කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම- උසස් අධ්‍යාපන විෂය භාර ඇමැති රාවුෆ් හකීම්.

රාජ්‍ය තාන්ත‍්‍රික, විශේෂ හා රාජකාරී විදේශ ගමන් බලපත‍්‍ර හිමියන් වීසා අවසර පත‍්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා බහරේන් රාජ්‍ය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම- වජිර අබේවර්ධන

1987 අංක 03 දරන පොදු කොන්ත‍්‍රාත් පනත යටතේ සකස් කරන ලද නියෝග – රිෂාඞ් බදියුදීන්

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ චීනයේ හයිනාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය අතර ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම – නවීන් දිසානායක

ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත‍්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීම – සජිත් පේ‍්‍රමදාස

හොරණ නාගරික නිවාස ව්‍යාපෘතිය ‘‘සැමට සෙවණ ව්‍යාපෘතියක්’’ ලෙස ක‍්‍රියාත්මක කිරීම -සජිත් පේ‍්‍රමදාස

පිටකොටුව ඕලන්ද කෞතුකාගාර ගොඩනැගිල්ලේ සංරක්ෂණය සහ අලූත්වැඩියාව – සජිත් පේ‍්‍රමදාස

ක්ෂේත‍්‍ර රාජකාරිවල නියැලෙන සංස්කෘතික විෂයභාර ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත පහසුකම් සැලසීම – සජිත් පේ‍්‍රමදාස

ගයනාව සහ පෘතුගාලය සමග ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹීම – අර්ජුන රණතුංග
සැකකරුවන් / චූදිත තැනැත්තන් සඳහා අවශ්‍ය අවස්ථාවලදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම – තලතා අතුකෝරාළ

මහනුවර පේරාදෙණිය ප‍්‍රදේශයේ ත්‍රෛභාෂා නව මිශ‍්‍ර පාසලක් ආරම්භ කිරීම – අකිල විරාජ් කාරියවසම්

නව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ස්ථාපිත කිරීම – වජිර අබේවර්ධන

එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමා ශාලා සංවර්ධනය සඳහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීම – සජිත් පේ‍්‍රමදාස

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම – රාවුෆ් හකීම්

කිරීටක හෘද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබන ස්ටෙන්ට් මිලදී ගැනීම – රාජිත සේනාරත්න

බැක්ටීරියා ආසාදනය සඳහා ප‍්‍රතිජීවක ඖෂධ එන්නත් 4,000,000ක් මිලදී ගැනීම – රාජිත සේනාරත්න

පිළිකා රෝගීන් සඳහා ප‍්‍රතිකාරයක් වන රිටුක්සිමැබ් එන්නත් කුප්පි (වයල්ස්) මිලදී ගැනීම.
ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද සහිත ආසනවලින් යුත් බස්රථ මිලදී ගැනීම -අර්ජුන රණතුංග

ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීම- අර්ජුන රණතුංග

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා වායුසමනය කළ, ඞීසල් බහුකාර්ය කට්ටල 2ක් මිලදී ගැනීම – අර්ජුන රණතුංග

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම – අර්ජුන රණතුංග

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන ‘සහන පැකේජය’

Recommended For You

About the Author: Editor