
ප්‍රතිජීවක ඖෂධ එන්නත් ලක්ෂ 40ක් මිලදී ගනී බැක්ටීරියා ආසාදනය සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිත කරන ‘සෙෆියුරොක්සිම් සෝඩියම්’ එන්නත් බී.පී මිලිග්‍රෑම් 750න් හෝ සෙෆියුරොක්සිම් එන්නත් යූඑස්පී මිලි ග්‍රෑම් 750න් එන්නත් ලක්ෂ 40ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී ඇත.
මේ සඳහා රුපියල් මිලියන 197.89ක් වැය වේ.
මේ අතර ඇතැම් පිළිකා වර්ග සඳහා භාවිත කරන ‘‘රිටුක්සිමැබ්’’ එන්නත් (මිලිග්‍රෑම් 100 / මිලිලීටර් 10) කුප්පි 1750ක් සහ එහි මිලිග්‍රෑම් 500 / මිලිලීටර් 50 ප්‍රමාණයේ එන්නත් කුප්පි 2000ක් මිලදී ගැනීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලය සංදේශය අනුමත කර තිබේ.