
භික්ෂූන් වහන්සේලා 15,000ක් වෙනුවෙන් නව සෞඛ්යය රක්ෂණ ක්රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බවත් මැයි මස 16 වැනිදා එය ආරම්භ කරන බවත් බුද්ධ ශාසන හා වයඹ පළාත් සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්රම පෙරේරා මහතා පවසයි.
මේ සඳහා රුපියල් මිලියන 900ක් පමණ වැය වෙනු ඇතැයි කී ඇමැතිවරයා එයින් රුපියල් මිලියන 500ක් බුද්ධ ශාසන අරමුදලින් ද තවත් මිලියන 50ක් මහා භාණ්ඩාගාරය විසින් ද ලබා දෙන බව ද සඳහන් කළේය. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති ගාමිණි ජයවික්රම මහතා කියා සිටියේ රජයේ රැුකියාවල සහ පිරිවෙන්වල සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලාට මෙම රක්ෂණ හිමිකම නොලැබෙන බවත් සඳහන් කළේය.