සිහින බොඳ වූ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්ත පවුල්වලට නෝර්වේත් තහනම්

‘‘අපිට කියන්න තියෙන්නේ ඔබලා ගැන අපේ සිත් තුළ කනගාටුවක් නැහැ කියන එක පමණයි. ඔබලා ඔබලාගේ සහ ඔබලාගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලාපොරොත්තු වූ මාර්ගය තෝරා ගත් අයයි. ඒ නිසා ඉතාම පැහැදලිව දැන ගන්න, ඔබලාට උදව් කිරීමට අපි අතක් තියා එක ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැහැ කියන එක’’

මේ කතාව කියවන ඔබට සිතෙන්නේ කුමක්ද ? දැඩි තීරණයක ඉන්න, හිතක් පපුවක් නැති අයෙක් සරණ පතා ආ අසරණයෙකුට කරන අනුකම්පා විරහිත කතාවක් වගේ නේද ? ඒත් මේ කතාවේ ඇත්තම ත්ත්තවය ආරම්භය වගේ නෙවෙයි. ඊටත් වඩා හාත්පසින්ම වෙනස්.

මේ ප‍්‍රකාශ කළේ ලොව බොහොම කාරුණික ජනතාවක් වගේම පාලකයිනුත් සිටින බව කියන නෝර්වේ රාජ්‍යයයේ බලවත්ම ඇමැතිවරියක් වන මුදල් ඇමැතිවරිය. ඇය එරට ප‍්‍රබල දේශපාලන පක්ෂයක් වන ‘‘ප්‍රෝග්‍රෙස් පක්ෂයේ ’’ නායිකාව ද වෙනවා. ඇය මේ වහෙන් ඔරෝ බාසාවෙන් නොකියා කෙළින්ම කියන්නේ නෝර්වේ රාජ්‍යය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ බිරියන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සරණාගත මධ්‍යස්ථානයක් නොවන බවයි.

මේ අතර නෝර්වේ රාජ්‍යයේ අධිකරණ අමාත්‍යවරිය වන ජොරාන් කල්මයිර් ද දැඩි ප‍්‍රකාශයක් කළාය.

‘‘ඔවුන්ට යළිත් නෝර්වේ රාජ්‍යයට පැමිණීමට අයිතිවාසිකමක් නැහැ. මෙය සටන් වැඳීම සඳහා වගේම සටන්කරුවන්ගේ බිරින්දෑවරුන් වීම සඳහා ගිය කාන්තාවන්ටත් අදාළයි. ඔවුන් යළි නෝර්වේ වෙත පැමිණෙනවා නම් ඔවුන් අධිකරණ ක‍්‍රියාමාර්ගවලට යටත්ව සිරිදඬුවම් විඳිය යුතුයි. ඔවුන්ට දරුවන් සිටී නම් එම දරුවන් ළමා සුරැුකුම් සේවා ආයතන වෙත භාර දෙනවා’’

මේ ප‍්‍රකාශ ද්විත්වය මගින්ම පැහැදිලි වන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැඳීමට ගිය කිසිවෙකුට තව දුරටත් ලෝකයේ අනුකම්පාව හෝ රැුකවරණය හිමි නොවන බවයි. මේ වන විට ඉස්ලාම් රාජ්‍ය සිහිනය බිඳීගිය අන්තවාදීන් ආසියාවේ වියරු වැටී සිටින විට සුවදායක නෝර්වේ වැනි බටහිර රාජ්‍යවල සිට සිරියාවට, ඉරාකයට ගිය සටන්කරුවන් වගේම සටන්කරුවන්ට බිරියන් වීමට ගිය කාන්තාවන් (මොවුන් සියලූම දෙනා නෝර්වේ ඇතුළු බටහිර රාජ්‍යවල දේශපාලන රැුකවරණය හෝ සරණාගතභාවය හෝ පුරවැසි භාවය ලබා සිටින අයයි) අපේක්ෂාභංගත්වයට පත්ව යළිත් යුරෝපයට පැමිණෙමින් සිටිනවා.

මුලදී මොවුන්ව යළි භාර ගැනීමට (ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අනාථයින්) නෝර්වේ රාජ්‍ය කැමැත්තතෙන් සිටියා. ඒත් නෝර්වේ රාජ්‍යයේ මුදල් ඇමැතිනිය, අධිකරණ ඇමැතිනිය ආදීන්ගේ දැඩි බලපෑම් හමුවේ එකී තීරණය හකුලා ගෙන තිබෙනවා. ඒ අනුව නෝර්වේ වැසියන්ව සිට ඉස්ලාමීය රාජ්‍ය වෙනුවෙන් සටන් වැඳීමට සහ ඔවුන්ගේ බිරියන් වීමට ගිය කිසිවෙකුට යළිත් නෝර්වේ රාජ්‍යයේ පස් පෑගීමටවත් අවස්ථාවක් හිිමිවන්නේ නැහැ. ඒ සඳහා වන නව නීති මේ වන විට නෝර්වේ රාජ්‍ය විසින් සම්මත කරගෙන තිබෙනවා. ඒ පසුගිය දා ෆින්ලන්තය සම්මත කළ නව නීති අනුව යමින්.

‘ෂමීමා බෙගම්’

මේ අතර තවත් පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වෙනවා. ඒ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදියෙකුගේ බිරියක් වීම සඳහා සිරියාවට ගිය බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි ‘‘ෂමීමා බෙගම්’’ නම් බංග්ලාදේශ ජාතික කාන්තාව ගැනයි.

ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තයෙකුගේ බිරියක් වූ බෙගම් ඔහුට දාව දරුවන් සිවු දෙනකු බිහි කළත් ඔවුන් සියලූ දෙනාම උපන් ගෙයි මිය ගොස් තිබෙනවා. ඇය දැන් සිරියාවේ කඳවුරක ජීවත් වෙනවා. බංග්ලාදේශය කියන්නේ ඇය තම පුරවැසියෙක් නොවන නිසා ඇයට බංග්ලාදේශයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි. ඒ අනුව ෂමීමාට දැන් උන්හිටි තැන් අහිමිව තිබෙනවා.

සාමාන්‍ය කාලයක, නම් ගැහැනියකට දරුවන්, සැමියා, අහිමි වීම කනගාටුවට කරුණක් බවට සැකයක් නැහැ. ඒත් මේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් මනුෂ්‍යත්වයටත් නිග‍්‍රහ කළ අන්ත තිරිසන් සතුන් කොටසකටත් වඩා අන්ත කොටසක් නිසා ඔවුන්ට මේ ලෝකයේ කිසිම තැනකින් යළි සරණයක් නොලැබෙන බව සහතිකයි. පසුගිය පාස්කු ඉරිදා ලංකාව ලෙයින් තෙත් කළ මේ මෘග අන්තවාදී උම්මත්තකයින්ට අපායෙවත් තැනක් නොලැබෙන බව නම් සහතිකයි.

Recommended For You

About the Author: Editor