
හැරී – මේගන් ගේ පුත්‍රයා බොහෝ විට “ආතර්” හෝ “ජේම්ස්” ලෙස නම් තබනු ඇති බව බි්රතාන්ය මාධ්‍ය විශ්වාසය පළ කරනවා.



රාජකීය බිළිඳෙකුට නමක් තැබීම පිළිබඳව විශේෂයෙන් සැකසුණු නීතිරීති මාලාවක් නොමැති නමුත් බොහෝවිට සිදු වන්නේ සම්ප්‍රදායට තැන දෙමින් බවයි බි්රතාන්ය මාධ්‍ය කියන්නේ.
රජ පවුලට අලුත් සාමාජිකයකු එක් වූ සෑම අවස්ථාවකම ඔහුට හෝ ඇයට තබන නම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වන අතර එය කොතෙක් ද කියන්නේ නම් ඒ සඳහා ඔට්ටු අල්ලන විශාල පිරිසක් ද සිටිනවා. බි්රතාන්ය මාධ්‍ය කියන්නේ ලොව පුරා සිටින සූදුකරුවන් මේ වන විටත් ලංසු තැබීම ආරම්භ කර ඇති බවයි.
හැරී – මේගන් ගේ පුත්‍රයා රාජකීය කුමාරයෙකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය ගනු ලැබිය යුත්තේ එලිසබත් රැජිණ විසින් බවයි බි්රතාන්ය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.