
මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කල්මුණේ සෙයින්දමරදු ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා කියා සිටියේ එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබ`දව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත්ය.