
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටුවේ මහනුවර මල්වතු මහා විහාරයේදීය. මහ නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මහ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරයා කෙටි පිළිසදරක ද නිරත විය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.