
පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ සිවුවන වටය සාර්ථකව අවසන් වූ බව ශ්රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියයි.
මෙම සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර ඒ සඳහා ශ්රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ජගත් වැල්ලවත්ත යන මහත්වරු සහභාගී වූහ.
මෙහි පස්වන වටය ලබන 30 දා පැවැත්වීමට නියමිතය.