අරාබි කතරේ බෞද්ධ උරුමය

අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ත්‍රිපිටක  සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත.

ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..

ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයක් මේ අර්ධද්වීප‍යෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය.

මෙසේ සොයාගත් ඉස්ලාමීය ශිෂ්ටාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එලිපෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ටාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.

අප විසින් මෑතදී පැරණිතම බෞද්ධ සාහිත්‍යය ට අයත් ග්‍රන්ථයන් අළලමින් කරන ලද පර්යේෂණයන් අනුසාරයෙන් මේ බටහිර ආසියාකරයේ තිබූ ඉරණි මානව ශිෂ්ටාචාරයන් අතුරෙන් බෞද්ධ ශිෂ්ටාචාරයට හිමිකම් කියන කරුණු රැසක් හෙළිදරවු කර ගැනීමට හැකිව ඇත. එනම් මැදපෙරදිග පැරණිම අරාබි රාජ්‍යයන් ගේ බිහිවීම බුදුදහමේ ආභාසයෙන් සිදුවූ බවට පිළිගතහැකි සාක්ෂීන් හෙළිදරවු කරගැනීමට ලැබීමයි. බෞද්ධ සාහිත්‍ය යෙහි එන පැරණිතම බෞද්ධ ග්‍රන්ථයන් හි සඳහන් වන සාධක අපගේ මේ නවතම සොයා ගැනීමට පාදක වූ බව සඳහන් කළ යුතුවේ.

ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වනසූත්‍රය ‘පුණ්ණෝවාද iQ;%h නමින් ප්‍රකට වේ.

ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනා කරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.

වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදක කාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන් ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය.  එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොට සුණා (Suna) හෙවත්සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ.

බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒ වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ – සුර – නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි.

ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන් සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.

විශේෂ ස්තුතිය – ගෞරව ශාස්ත්‍රවේදී එච්. එම්. චානක නිලන්ත මහතාට.

Recommended For You

About the Author: Editor