
ආරක්ෂක තත්ත්වය යහපත් වුවහොත් දිවයින පුරා පිහිටි සියලූම කතෝලික පාසල් ලබන 14 වැනිදා යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ද කොළඹ දිස්ත්රික්කයේ සියලූම කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් ද ලබන ඉරිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ අගරදගුරු හිමිපාණෝ පවසති.
අද පෙරවරුවේදී දිවයින පුරා සිටින සියලූම කතෝලික රදගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව පිටපළාත්වල දේව මෙහෙයන් ආරම්භ කිරීම පිළිබඳව තීරණ ගැනීමේ බලය ඒ පළාත්වල රදගුරුතුමන්ලා වෙත පවරා තිබෙනවා.
මේ අතර රදගුරු සම්මේලනය පැවැති ස්ථානයට හදිසියේම ජනපතිවරයා ද පැමිණ තිබෙනවා.