ශ‍්‍රී ලංකා කණ්ඩායම කලින්ම එංගලන්තයට ගිය හේතු හෙළි වෙයි

පාස්කුු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රට තුළ පවතින ව්‍යාකූල තත්්ත්වය හේතුවෙන් පුහුණුවීම්වලට බාධා සිදුවන නිසා ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම කලින්ම එංගලන්තය බලා පිටත් වූ බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි.

ඊයේ බදුල්ලේ දී පැවැති රැුස්වීමකින් අනතුරුව මාධ්‍ය විසින් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ද කීවේය.

‘‘ලෝක කුසාලන තරගාවලිය සඳහා මුලින්ම එංගලන්තයට පැමිණි කණ්ඩායම අපේ කණ්ඩායමයි. ඊට හේතුව වුණේ රට තුළ දැනට පවතින ව්‍යාකූල තත්ත්වය නිසා අපේ කණ්ඩාමේ පුහුණුවීම්වලට බාධා සිදු වුණා. ඒ තත්ත්යට විසඳුමක් ලෙසයි ඔවුන් දින කිහිපයකට කලින් එංගලන්තය බලා පිටත් වුණේ. එහිදී ඔවුන් පුහුණුවීම්වලට සහභාගී වෙනවා’’

මෙහිදී එංගලන්තයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂකව සිදුවන ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළ ඇමති හරීන්,

‘‘ අපේ කණ්ඩායමේ ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක නිලධාරීන් තුන් දෙනෙක් ඔවුන් සමග පිටත් වුණා. ඒ සමග ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකුගේ ආරක්ෂාවත් ඔවුන්ට හිමි වෙනවා’’

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ගැන විමසු විට ඇමැති හරීන් මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අපි ඉන්නේ ඉතාම පහළ තැනක. එතැනින් එහාට වැටෙන්න තැනක් නැහැ. ගොඩඒමක් තමයි දැන් අවශ්‍ය වන්නේ. ඒ සඳහා කණ්ඩායම් හැඟීම සහ ආත්ම විශ්වාසය අවශ්‍යයි’’

ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන අදහස් දැක්වූ ඇමැති හරීන්,

‘‘පසුගිය කාලයේ දක්ෂතා දැක්වූ හොඳම 15 දෙනෙක් තමයි කණ්ඩායමට ඇතුළත් කරලා තිබෙන්නේ’’යැයි පැවසුවේය.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ‘‘ඔබතුමා මේපාරත් තරග බලන්න යනවාද ?’’ යනුවෙනි.

‘‘ඇමතිකම් අද තියෙයි, හෙට නැති වෙයි. කොහොම වුණත් මම වෙනදා වගේම ලෝක කුසලාන තරග බලන්න යනවා’’

සටහන- කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor